Thursday 15 May 2014

මාලදිවයින





ඉන්දියවට  නිරිත දිගින්  කිලෝමීටර 400 ක් ද ශ්‍රි ලංකාවේ බටහිර වෙරල තීරයට කිලෝමීටර 700ක් දුරින් පිහිටා ඇත.එය දුපත් පොකුරු 26කින් සමන්විත වන අතර කුඩා දුපත් 1192 පවති.

 අපිට පැහැදිලිව මාලදිවයින දූපත් සමූහය  3 කට ප්‍රබේදනය කරන්න පුලුවන් .තවද  උතුරු කන්ඩායම හා තුන්වන කන්ඩායම වන දකුනු වන කරදිව( වෙන් වී ඇත්තේ  30 න් 1 සමාන්තර මර්ගයකිනි. දකුනේ සිට සුවදිව  කාන්ඩය හා අනෙක් කුඩා දුපත් වෙන්ව පිහිටා අත්තේ සමකයට අසන්න මාර්ගයේය. මැද පිහිටි  කාන්ඩය දුපත් පොකුරකින්  හා යක්ශයාගෙ දුපත ලෙස හැදින්වෙන දුපතද ඇතුලුව පිහිටා තිබෙන්නේ කරදිවට දකුනු   මාරගයේය.
මාලදිවයින ආශ්‍රිතව පවතින්නේ තෙතමනය සහිත උනුසුම් කාලගුනයකි.බොහෝ විට සුලි සුලං වලට මුහුන දෙන රටකි.විශාල වානාන්තර බොහෝ විට ආරක්ශනය වී පවතින්නේ දුපත් සමූහය එක ලග පිහිටීම නිසා වන අතර විශේශෙන්ම  විශාල වු  පොල් වගාවන් තිබූ නමුත් නිවැසියන්ගේ අයුතු ප්‍රයොජන නිසා විශාල ලෙස පරිහානියට ලක් වී තිබේ.



ඉන්දියන් සාගරයේ ගිලී ඇති විශාල කඳුවැටියක් වන චාගොස්-මාලදිවයින්-ලක්කදිව් කඳු වැටිය මුදුනේ මාලදිවයින පිහිටා ඇත. මාලදිවයින, චාගොස් දූපත් සහ ලක්ෂද්වීප දූපත් එකම පරිසර පද්ධතියකට අයත් වේ. "ඇටෝල්" (දිවෙහි - අතොල්හු) ලෙසින් හැඳින්වෙන මාලදිවයිනේ දූපත් පොකුරු වර්ග කිලෝමීටර 90,000 කට අධික සාගර කලාපයක් පුර විසිරී ඇති අතර, එය ලෝකයේ වඩාත්ම විසිරී ඇති රාජ්‍යයන් කිහිපයෙන් එකකි. කුඩා දූපත්  200ක් ජනාවාස වී ඇත. එහි සම්පූර්ණ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වාසය කරන්නේ අගනුවර සහ විශාලතම නගරය වන මාලේ හි ය. මාලේ අතීතයේ සිටම මාලදිවයින් සුල්තාන් වරුන්ගේ සහ ඉස්ලාමය පැමිණීමට පෙර සිටි රජවරුන් ගේ අගනුවර ලෙස පැවතිනි.






.  ජනගහනය අතින් සහ වර්ග ප්‍රමාණය අතින් මාලදිවයින ආසියාවේ කුඩාම රට වේ. මුහුදු මට්ටමේ සිට සාමාන්‍යය උස මීටර 1.5 වන අතර, එය ලෝකයේ පහතින්ම පිහිටි රට ද වේ. ලෝකයේ පහතින්ම පිහිටි ස්වභාවික උසම ස්ථානය සහිත රට ද මාලදිවයින ය. ඒ විලින්ගිලි දූපතේ පිහිටි මීටර 2.4 උස ස්ථානයකි. මුහුදු මට්ටම ඉහල යාම නිසා රට මුහුදට ගොදුරු වීමේ දරුණු තර්ජනයකට මාලදිවයින් වාසීහු මුහුණ පා සිටිති.
 ජනග්‍රහනය හා ජන ඝනත්වය අධීක රටක් ලෙස හැදින්වේ.මාලදිවයින වැසියන සිංහල උත්බවයක් සහිත ජන කොට්ටාසයක් වන අතර විශාල ප්‍රමානයක්  ශ්‍රී ලාංකීකයන්ට සමානය තවත් ප්‍රමානයක් උතුරු ඉන්දියාවෙන්  සංක්‍රමනය වුවන් වේ.නමුත් බොහෝමයක් ජිවත් වන්නේ කුඩා ගම් වශයෙන් වනාන්තරයට මායිම්වය.

දහසය වන සියවසේ සිට පෘතුගීසි, ඕලන්ද සහ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ අවධානයට ලක් වූ මාලදිවයින, බ්‍රිතාන්‍ය යටතේ කටයුතු කල සුල්තාන් වරයෙකුගේ පාලන ක්‍රමයකින් මිදී 1965 දී පූර්ණ නිදහස ලබා ජනරජයක් බවට පත් විය.
   
මාලදිවයින ජාතික ධජයෙහි රතු වර්නයෙන් යුත් කොටුවෙන් දැක්වෙන්නේ ජාතියෙහි නිර්භීතකමද  කොලපාට තීරුවෙන්  දැක්වෙන්නේ සාමය හා සෞභාග්ය  හා මැද පිහිටි අඩසද මගින් පෙන්නුම් කරන්නේ ඉස්ලාම් භකතියයි 


මාලදිවයින සංචාරක කර්මාන්තය ඉහල නැංවු රටකි ඔවුන්ගේ ප්‍රදාන ආර්ථීක ආදායම වන්නේ සංචරක කර්මාන්තයයි. මෙහි ඇති දුපත් පොකුරු සමූහය ලෝකය වටා සිටින  සංචාරකයන්ගේ සිත් ගන්නා සුලු වේ.. ස්භාවික නිල් වතුරද සුදු පැහැති වෙරල තීරයද තවත් අලංකරය ගෙනදෙයි.බොහෝ සංචාරකයින් පිහිනීම , මාලු ඇල්ලීම , දිය යට කිමිදීම , මුහුදු පතුල නිරීක්ශන කොරල් පර නිරීක්ශනය හා දියමත ලිස්සායැම ,සරුංගල් ගුවන් ගත කිරීම වැනි විනොද ක්‍රීඩා සදහා මෙහි පැමිනේ. 
 















  • රාජ්ය පාලනයේ ස්භාවය -විධයක ජනාධිපති බලය හිමි ජනරජයකි 
  •    අගනුවර - මාලේ 
  •   භුගොලිය ඍශ්ඨය - 298වර්ග කිලොමිටර් 
  • ජනග්‍රහනය - 298968
  •  ජන ඝනත්වය - 1003වර්ග කිලොමිටරයට 
  • භාවිතා වන භාෂාවන් - රාජ්ය භාශාව දිවේහි 
  • ආගම් - මුස්ලිම් 100 %

  • භාවිතා වන මුදල් ඒකකය - මාලදිවයින රුෆීයා
  •  

  •  දල දෙශිය නිෂ්පාදිතය -2841 ඇමරිකන් ඩොලර් මිලියන (2011)

  • වාර්ශික වර්ධනය - 1.6%
  • ළදරු මරන අනුපාතය - 12%
  • ආයු අපෙක්ශාව- පිරිමි  - 72
  •                           ගැහැණු - 73
  • පුරවැසි ජනග්‍රහනය - 32.8% 





0 comments:

Post a Comment